පොදු ඉරණමක් සහිත චීන-ඉන්දුනීසියානු ප්‍රජාව සතුව ඇති කලාපීය හා ගෝලීය බලපෑමේ ශක්තිය ඉස්මතු කිරීමට බලාපොරොත්තු වේ--චීන ජනපති
2024-11-09 20:12:48
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දුනීසියාවේ ජනාධිපති Prabowo Subianto මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. ඒ අද(9) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය. 

චීනය හා ඉන්දුනීසියාව අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. විශාල සංවර්ධනය වෙමින් පවතින රටවල්, නව වෙළඳපොල රටවල් මෙන්ම ගෝලීය දකුණේ වැදගත් සාමාජික රටවල් දෙකක් ලෙස දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවය සුවිශේෂ උපායමාර්ගික අර්ථයකින් යුක්ත වන අතර එය ගෝලීය වශයෙන් වැදගත් වන බව ද ෂී ජින් පිං මහතා පැවසීය. 

නව ඓතිහාසික ආරම්භයේ සිට චීනය ඉන්දුනීසියානු නව රජය සමග මිත්‍ර සහයෝගීතා පවත්වා ගෙන යමින් දෙරට සබඳතාවේ නිවැරදි දිශානතිය කරා ගමන් කිරීමට කැමැත්තෙන් සිටී. විශාල සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඒකාබද්ධ ස්වයං සංවර්ධනය, සාමූහික සහයෝගීතා මෙන්ම අන්‍යෝන්‍ය වාසි සහගත පොදු ජයග්‍රහණ පිළිබඳ නව පරිච්ඡේදයක් දෙරට එක්ව නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. පොදු ඉරණමක් සහිත චීන-ඉන්දුනීසියානු ප්‍රජාව සතුව ඇති කලාපීය හා ගෝලීය බලපෑමේ ශක්තිය ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇත.

උසස් ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට චීනය සමග අඛණ්ඩව එක් වීමට තම රට අපේක්ෂා කරන බවත්, චීන ව්‍යාපාර තම රටේ ආයෝජනය කිරීම පිළිගන්නා බවත් Prabowo Subianto ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරයට මුළුමනින්ම සහාය දක්වන ඉන්දුනීසියාව එකම චීනය මූලධර්මය තරයේම අනුගමනය කරයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් තුනට ඉන්දුනීසියාවේ සහාය හිමි වේ. ගෝලීය දකුණේ රටවල පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ලෝක බහුධ්‍රැවීකරණය ප්‍රවර්ධනය කිරීම මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම වෙනුවෙන් චීනය සමග එක්ව ප්‍රයත්න දැරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව, පොදු ගවේෂණය, නිල් ආර්ථිකය, වාරිමාර්ග සංවර්ධනය, ඛනිජ සම්පත් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ ද්විපාර්ශ්වික සහ‍යෝගීතා ලිපිලේඛනවලට නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබීම සිදු කෙරිණ.

මේ අතර දෙපාර්ශ්වය ‘අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය හා පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියානු ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව හා ඉන්දුනීසියානු ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය’ ද නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම