සයිප්රසයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ(UNFICYP) චීන සාම සාධක පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එක්සත් ජාතීන්ගේ සාම පදක්කම් පිරිනැමේ. ඊයේ(07) සයිප්රසයේදී පැවති සම්මාන ප්රදානෝත්සවයේ දී සාම සාධක පොලිස් නිලධාරීන් 24දෙනෙකු සඳහා එක්සත් ජාතීන්ගේ සාම පදක්කම් ප්රදානය කර ඇත.
සාම ක්රියාවලිය ප්රවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දීම පිළිබඳව චීනය ඇතුළු සියලුම රටවලට කෘතඥ වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් විශේෂ නියෝජිත සහ සයිප්රසයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්රධානී Colin William Stewart මහතා පදක්කම් ප්රදානෝත්සවයේදී සඳහන් කර ඇත.
2015 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා , සයිප්රසයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට සහාය වීම සඳහා චීනය සාම සාධක පොලිස් නිලධාරීන් 44 දෙනෙකු එහි යවා ඇත.