මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල ඉහළ යාමක්
2024-11-08 15:53:37
Share with:

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළව මෙසේ නිල සංචිත ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන හය ඉක්මවූ අගයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම ද විශේෂත්වයකි.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසයේ ඩොලර් මිලියන 42ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 5.8%ක වැඩිවීමකි. මෙම නිල සංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිත ද 7.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.




ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම