ඇමරිකානු ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඒකක 25කින්  පහළ දමයි
2024-11-08 09:30:07
Share with:

ඇමරිකානු ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඒකක 25කින් අඩුකරයි.උද්ධමනය ලිහිල් වීම හා ශ්‍රම වෙළඳපොල දුර්වලවීම යන සාධක මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබේ.පොලී අනුපාත අඩු කෙරුනු දෙවන අවස්ථාව මෙයයි.මෙම වසරේ ආරම්භයේ සිට පොදුවේ ශ්‍රම වෙළඳපොල ලිහිල්වීමක් සිදුවූ අතර රැකියා වියුක්ති අනුපාතයේ ඉහළ යාමක් සිදු වුවද එය තවදුරටත් පහළ මට්ටමක පවතී.උද්ධමන පාලනයේ ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන අතර එය තවදුරටත් ඉහළ යාමක් දක්නට ඇතැයි ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ විවෘත වෙළඳපොල කමිටුව සඳහන් කරයි. සිය ඉලක්කයන් සපුරා ගැනීමට සහාය වීමක් වශයෙන් පොලී අනුපාත කපා හැරීමට පියවර ගෙන ඇත. දුර්වල රැකියා නියුක්ති වාර්තාවකින් අනතුරුව ෆෙඩරල් සංචිතය මෙම තීරණය ගෙන ඇත .ඔක්තෝබර් මාසයේ දී රැකියා දොලොස් දහසක් පමණක් අළුතින් එකතු වී ඇත.මෙම මන්දගාමීත්වයට වැඩ වර්ජනයක් සහ මෑතක වාර්තාවූ සුළි කුණාටු ද බලපා තිබේ.එම වාර්තාව මගින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල රැකියා නියුක්ති දත්යන්ද යළි සකසා තිබේ.එම නව සැකසීමට අනුව පෙර වාර්තාවූ රැකියා ප්‍රමාණයන්ට වඩා එම මාස දෙකේ රැකියා ප්‍රමාණය එක් ලක්ෂ එකොලොස් දහසකින් අඩුවී තිබේ.

 


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම