චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් විකාශනය කිරීමේ ක්‍රියාකාරකම බ්‍රසීලයේ සාඕ පවුලෝ හි දී ආරම්භ විය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන 19 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වෙමින් බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඊට සමගාමීව එම ක්‍රියාකාරකම බ්‍රසීලයේදී ආරම්භ වී ඇත.
එම ක්‍රියාකාරකම ඇරඹීමත් සමග, “ෂී ජින් පිං හමුවීම” ඇතුළු චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් 20 කට වැඩි ප්‍රමාණයක් ‘බොක්ස් බ්‍රසීල්’ මාධ්‍ය සමූහය සහ බ්‍රසීල CB Media ඇතුළු 10 කට වැඩි ප්‍රධාන මාධ්‍ය ආයතන මගින් විකාශනය කිරීම ආරම්භ කර ඇත.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ක්‍රියාකාරකම සඳහා වීඩියෝ දේශනයක් ද පැවැත්වීය. චීන-බ්‍රසීල නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, නව යුගයේ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතින බව ඔහු පැවසීය. චීන මාධ්‍ය සමූහය සහ බ්‍රසීල මාධ්‍ය එක්ව සංවිධානය කරන මෙම ක්‍රියාකාරකම, දෙරට අතර සංස්කෘතික හුවමාරුව සහ ජනතා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ධනාත්මක පියවරක් වනු ඇති බව Shen Haixiong මහතා පෙන්වා දී ඇත.