ගෝලීය වෙළඳාම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2024-11-08 16:46:42
Share with:

ආර්ථිකයේ විවෘතභාවය වැඩි දියුණු කිරීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඉදිරි දැක්ම තුළ හඳුනාගත හැකි වැදගත් කරුණකි. එය මනාව පිළිබිඹු වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හත්වන වරටත් පැවැත්වීම ගෝලීය වෙළඳාම සඳහා ලබා දෙන සුවිසල් දායකත්වයකි. චීනයේ දැවැන්ත වෙළඳපොල සඳහා ප්‍රවේශ වීමට නව අවස්ථා රැසක් මේ ඔස්සේ ගෝලීය ප්‍රජාවට හිමි වන අතර එය චීනයේ සාමුහික සංවර්ධනය සහ විවෘතභාවය ද මනාව පෙන්නුම් කරන බව කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල පැස්කුවල් මහතා පවසයි.

විවිධාංගීකරණය වූ ගෝලීය වෙළඳපළ එකිනෙකට සම්බන්ධ කිරීම මෙන්ම ආයෝජන සඳහා නව ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරමින් වෙළඳාමේ  බහුපාර්ශ්විකත්වය මෙමගින් සහතික කෙරේ. ශ්‍රී ලංකාවේ ව්‍යාවසායන් ද නිෂ්පාදන රැසක් මෙවරත් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ. ඒ සමගම තවදුරටත් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සම්බන්ධතාව ප්‍රවර්ධනය කර ගැනීමට මෙමගින් අවස්ථාව උදා වන බව හෙතෙම කියාසිටී.

‍විශේෂයෙන් ගෝලීය උතුර විසින් ඒක ද්‍රැවීකරණයකට ලක් කර තිබූ ගෝලීය වෙළඳපල මෙවැනි අවස්ථා හරහා බහු ද්‍රැවීකරණයක වෙත යොමු කිරීම සාර්ථක උත්සහායක් වනු ඇත.මේ ඔස්සේ දකුණු ආසියා සහ ආසියා පැසිෆික් ආදී සියලු කලාපයන්ට නව වෙළඳපළක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව හිමි වේ. එබැවින් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ගෝලීය වෙළඳාම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කර ඇති බව මනාව පැහැදිලි වන බව මංගල පැස්කුවල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම