චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ වේදිකාවක්
2024-11-08 10:37:10
Share with:

චීනය වාර්ෂිකව සංවිධාන කරන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය විශාල චීන වෙළඳපොල තුළ පවතින ව්‍යාපාරික අවස්ථා ග්‍රහනය කර ගැනීමට පුළුල් වේදිකාවක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනෝමා ප්‍රේමතිලක මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ දිගු කාලීන වෙළඳ හවුල්කරුවෙකු වශයෙන් චීනය සමග පවත්වන වෙළඳ සහයෝගතාවන් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. අපනයන ගමනාන්තයක් වශයෙන් චීනය වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකා අපනයනයන් හී ඉහළ යාමක් ද දක්නට ඇත. සිය වෙළඳපොල තුළ වැඩි ව්‍යාපාරික අවස්ථාවන් සොයා ගැනීමට චීනය ලබා දෙන සහයෝගය තුළින් ශ්‍රී ලංකාව වැනි රටවලට චීනය වෙත සිදු කෙරෙන අපනයනයන් තවදුරටත් වර්ධන කර ගැනීමේ හැකියාව පවතී.ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සිට ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනයට අඛණ්ඩව සහභාගී වී ඇති අතර මෙවරත් එය ඉතා සාර්ථක අන්දමින් සංවිධාන කර ඇතැයි ද අනෝමා ප්‍රේමතිලක මහත්මිය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සහභාගීවීමට දක්වන උනන්දුව තුළින් එය වඩාත් පැහැදිලි වෙයි. ලෝක වෙළඳාම තුළ අපනයන හා ආනයන යන අංශ දෙකම ඉටුකරන්නේ තීරණාත්මක කාර්යභාරයකි. එහිදී ආනයන අංශය වෙනුවෙන්ම චීනය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් වාර්ෂිකව පැවැත්වීම තුළින් අපනයනයන්ට පමණක් නොව ආනයන අංශයටද චීනය දක්වන අවධානය පැහැදිලිය. එය සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ ප්‍රවේශයක් ලෙසට හැඳින්විය හැකි යැයිද අනෝමා ප්‍රේමතිලක මහත්මිය කියා සිටී. සංවර්ධන අවස්ථා බෙදා ගැනීමෙන් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය ආර්ථික ඉලක්කයන් වෙත යාමට වැඩි අවකාශයක් හිමිවන බවද ඇය කියා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම