ලොව ආකර්ෂණීයම සංචාරක දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
2024-11-08 15:38:30
Share with:
ශ්‍රී ලංකාව ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් බව යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust සංවිධාන කළ Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී “වඩාත් කැමැති දිවයින” සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයේ රැඳුණු අතර මෙවර ප්‍රථම ස්ථානය දිනා ගැනීම කැපීපෙනෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
පොහොසත් සංස්කෘතික උරුමයන්, විශ්මයජනක භූ දර්ශන, වන සතුන්ගෙන් පිරි ජාතික වනෝද්‍යාන හා පිරිසිදු වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලංකාව ගෝලීය ගවේෂකයන්ගේ හදවත දිනාගෙන ඇති බව පෙන්නුම් කර ඇති බව ද සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.