චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා, චීන-ඉතාලි සංස්කෘතික සහයෝගීතා යාන්ත්‍රණ සම්මේලනය හා චීන-ඉතාලි විශ්වවිද්‍යාලීය කුලපතිවරුන්ගේ සංවාදයට එක්වන දෙපාර්ශ්වයේ නියෝජිතවරුන් හමු වෙති. එම හමුව අද(8) රාත්‍රියේ බෙයිජිංහිදී සිදු විය.
පුරාණ ශිෂ්ටාචාරාත්මක රටවල් දෙකක් වශයෙන් චීනය හා ඉතාලිය, ආධ්‍යාත්මික ගුණාංග හා සදාචාරය මගින් ආත්මය පෝෂණය කර ගැනීමට පොදුවේ මුලපිරිය යුතු අතර, පුළුල් හැඟීම්වලින් යුතුව මානවයන්ගේ ඉරණම කෙරේ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු යැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. සහයෝගීතාවයේ ජීවගුණයෙන් මතභේද හා ගැටුම් වළක්වා ගනිමින් සහජීවනය පිළිබඳ අභිලාෂයකින් යුතුව පොදුවේ සංවර්ධනය ළගා කර ගැනීමේ ශක්තිය එක්රැස් කර ගත යුතුය. එසේම ශිෂ්ටාචාරයේ ආලෝකයෙන් මානවයන් ඉදිරියට යන මාර්ගය වඩාත් ආලෝකවත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. වඩා වැඩි දැනුවත්භාවයකින් යුත් පුද්ගලයින්, චීන ඉතාලි මිත්‍රත්ව සහයෝගීතාවයේ ක්‍රියා කරන්නන්, පෙරඅපරදිග ශිෂ්ටාචාර හුවමාරුව සඳහා පොළඹවන්නන්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවේ ගොඩනැගීම උදෙසා සහභාගිවන්නන් ලෙස පෙළඹවීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා පැවසීය.
පැරණි ශිෂ්ටාචාරාත්මක රටවල් දෙක වන චීනය හා ඉතාලිය සතුව දීප්තිමත් සංස්කෘතීන් ඇති බවත් දෙරට ජනතාව අන්‍යෝන්‍ය ගරුත්වයෙන් කටයුතු කරන බවත් Sergio Mattarella ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත. දෙපාර්ශ්වය අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් මිත්‍රත්වය උරුම කර ගෙන මානව හා සංස්කෘතික හුවමාරු වේදිකා වැඩි වශයෙන් ගොඩනැගිය යුතුය. එදිරිවාදිකම්වලට එක්ව විරුද්ධ වෙමින් සමගිය ප්‍රවර්ධනය කර ගත යුතුය. ඉතාලි චීන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ සංවර්ධනය වෙනුවෙන් ස්ථිර පදනම හා පිටුබලයක් ලබා දීමට දෙරට උත්සාහ දැරිය යුතු බව ද ඔහු කියා සිටියේය.