පිලිපීනයේ නව ඊනියා මුහුදු පනත් සම්බන්ධව චීනයේ දැඩි විරෝධය
2024-11-08 18:09:50
Share with:

පිලිපීනය ඊනියා “මුහුදු කලාප පනත” සහ “දූපත් සමූහයේ මුහුදු මාර්ග පනත” ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

චීනයේ පිලිපීන තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳව දැඩි විරෝධය දක්වා ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

පිලිපීනයේ ඊනියා මුහුදු කලාප පනතට අනුව චීනයේ Huangyan දූපත සහ Nansha දූපත් යන ප්‍රදේශවල ගල්පර හා අදාළ මුහුද ප්‍රදේශ වි‍ශාල සංඛ්‍යාවක් නීති විරෝධිව පිලිපීන මුහුදු කලාපයට ඇතුලත් කර ඇතැයි ඇය ‍පැවසුවාය. එමගින් දකුණු චීන මුහුදේ චීනයට පවතින භෞමික ස්වෛරීත්වය හා සාගර අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අතර, චීනය එය තරයේ හෙළා දකින බව ද ඇය අවධාරණය කළාය.

දකුණු චීන මුහුදේ චීනයට පවතින ස්වෛරීත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ඓතිහාසික හා නීති සාක්ෂියන් පවතින බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය. එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීති සම්මුතිය ඇතුළු විවිධ ජාත්‍යන්තර නීතිවලට එය ‍අනුකූල වන අතර, පිලිපීනයේ ඊනියා පනත්වලින් එයට කිසිදු බලපෑමක් කළ නොහැකි බව ද ඇය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම