එක්ව නැඟී සිටීමට චීනයෙන් ලබා දෙන අත්වැළ චීන ජාත්‍යන්තර ආනයන හා අපනයන ප්‍රදර්ශනයෙන් මෙවරත් කැපීපෙනේ
2024-11-08 15:47:42
Share with:

එක්ව නැඟිට ලොව ජාත්‍යන්තර වෙළඳපොල දියුණු කිරීමට චීනයේ ඇරයුම 7වන වරටත් පැවැත්වෙන ශැංහයි චීන ජාත්‍යන්තර ආනයන හා අපනයන ප්‍රදර්ශනයෙන් සාර්ථක වී ඇති බව චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ සභාපති චිරන්ජය උඩුමුල්ලගේ මහතා පැවසීය. ලෝකයේ දැවැන්තම සන්නාම මේ වන විට ප්‍රදර්ශනයට එක් ව සිටින අතර ලොව ආනයනකරුවන්, අපනයනකරුවන් හා ගැණුම්කරුවන් එක්ව මුණ ගැහෙමින් තම රටවල නිෂ්පාදන සහ සේවා සඳහා ඉහළ වෙළඳපලක් සොයා ගැනීමේත් අවස්ථාව මෙමඟින් උදාකර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ චීනය වෙත විශාල වශයෙන් අපනයනය කරන අපනයනකරුවෙක් වශයෙන් තමා වසර 07ක් මෙම ප්‍රදර්ශනයට අඛණ්ඩව සහභාගී වී ඇති බවත්, එහි අත්දැකීම් අනුව ශ්‍රී ලාංකික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළ වෙත ගෙන යාමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු කියා සිටී. ලංකාවේ ගුණාත්මක තත්ත්වයේ තේ නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, විවිධ ආවේණික ආහාර සහ මැණික් ඇතුළු බොහෝ නිෂ්පාදන සඳහා මේ වන වි‍ටත් විශාල ඉල්ලුමක් සමග ලෝකයේ අවස්ථා විවෘත වී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපල තුළ ඇති ඉහළ ප්‍රමිතිය වෙත අනෙකුත් රටවල දේශීය නිෂ්පාදන කරා ළඟා වීමට, අත්දැකීම් ලබා ගැනීම‍ට මෙයින් විශාල පිටුබලයක් ලැබී ඇත. ගෝලීයකරණයත් සමග සංචාරක ව්‍යාපාරයට අමතරව ශ්‍රී ලංකාවට ඇති පුළුල් අවස්ථාව මෙම අපනයන ප්‍රදර්ශනය බව ද චිරන්ජය මහතා පැවසීය.

ලොව තාක්ෂණික දියුණුව මේ ප්‍රදර්ශනය තුළ භාවිත කිරීම ද ඊට සහභාගි වන්නන්ට වැදගත් අත්දැකීමක් එක් කර ති‍බේ. ඩ්‍රෝන තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ ප්‍රවාහනය, විද්‍යුත් නවීන මෝටර් රථ මෙන්ම කෘෂිකර්මාන්තයට යොදා ගන්නා  නවීන තාක්ෂණික උපාංග මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීමෙන් එය ලොව රටවලට නවීකරණයේ දිශාව විවෘත කර දී ඇත. චීනයේ තාක්ෂණ හා ආර්ථික දියුණුව ලොවට ගෙන යන චීන ජාත්‍යන්තර ආනයන හා අපනයන ප්‍රදර්ශනයෙන් චීනය එක්ව නැඟී සිටීමට ලබා දෙන ශක්තිය සෙසු රටවල් පොදු සංවර්ධනය උදෙසා අත්පත් කර ගත යුතු බව සීමාසහිත බෙයිජිං ශ්‍රී රෝඩ් කනෙක්ෂන් වෙළඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චිරන්ජය උඩුමුල්ලගේ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම