පිලිපීනයේ ඊනියා “මුහුදු කලාප පනත” සම්බන්ධව චීන ජාතික මහජන කොංග්‍රසයේ දැඩි විරෝධය
2024-11-08 19:31:45
Share with:

පිලිපීනය ඊනියා “මුහුදු කලාප පනත” ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

අද (8) පිලිපීනය සම්මත කළ ඊනියා මුහුදු කලාප පනතට අනුව චීනයේ Huangyan දූපත සහ Nansha දූපත් යන ප්‍රදේශවල ගල්පර හා අදාළ මුහුද ප්‍රදේශ වි‍ශාල සංඛ්‍යාවක් නීති විරෝධිව පිලිපීන මුහුදු කලාපයට ඇතුලත් කර ඇත. එමගින් දකුණු චීන මුහුදේ චීනයට පවතින භෞමික ස්වෛරීත්වය හා සාගර අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අතර,  චීන ජාතික මහජන කොංග්‍රසය එයට දැඩිව විරුද්ධ වන අතර එය තරයේ හෙළා දකින බව ද එම නිවේදනයේ දැක්වේ.

Nansha දූපත් හා එහි ආශ්‍රිත මුහුදු කලාපය සහ Huangyan දූපත ඇතුළු Zhongsha දූපත් හා එහි ආශ්‍රිත මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනයට පවතින ස්වෛරීත්වය හා පාලන අයිතීන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ඓතිහාසික හා නීති සාක්ෂීන් පවතී. පිලිපීනය ඉදිරිපත් කළ බේරුම්කරණය එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරයි. එමෙන්ම ‘දකුණු චීන මුහුදේ බේරුම්කරණ නඩුවේ තාවකාලික බේරුම්කරණ අධිකරණ තීන්දුව’  ද නීති විරෝධී සහ වලංගු නොවන බව මෙම නිවේදනයේ සඳහන් කෙරිණ.

චීනයේ භෞමික ස්වෛරීත්වයට සහ සමුද්‍රීය අයිතීන්ට හානි කරන නීති විරෝධී ක්‍රියා මෙන්ම දකුණු චීන මුහුදේ ආරවුල් සහ අදාළ තත්ත්වය උත්සන්න කරන සියලු ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස චීන ජාතික මහජන කොංග්‍රසය එම නිවේදනයෙන් පිලිපීනයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම