බලය පැවරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට Trump සහ Biden හමුව ධවල මන්දිරයේදී
2024-11-07 11:23:09
Share with:

වත්මන් ජනාධිපති Joe Biden මහතාගේ ආරාධනයකට අනුව Donald Trump මහතා ධවල මන්දිරයේදී හමු වී ජනාධිපති බලය පැවරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ඇති බව ඇමරිකාවේ 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක Donald Trumpගේ ප්‍රචාරක කණ්ඩායම ප්‍රකාශ කළේ ය.

එම හමුව පැවැත්වීමේ නිශ්චිත දිනය තවමත් ප්‍රකාශ කර නොමැත. නමුත්  Trump කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ රැස්වීම ඉක්මනින් සිදුවනු ඇති බවත්, 6 වැනිදා ජනාධිපති Biden සුබපැතුම් පිරිනැමීම පිළිබඳව Donald Trump ඉතා කෘතඥ වන බවත් ය.

6 වැනිදා පස්වරුවේ, ඇමරිකාවේ වත්මන් උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක Kamala Harris මහත්මිය Washington හි Howard විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වුවා ය. ජනාධිපතිවරණයෙන් පරාජය වීම තමන් පිළිගන්නා බව ඇය ප්‍රකාශ කළ අතර එදිනම Harris මහත්මිය Trump මහතාගේ ජයග්‍රහණයට සුබ පැතීමට ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම