චීන ජනපති මැලේසියානු අගමැති හමු වේ
2024-11-07 19:55:23
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරතව සිටින මැලේසියානු අගමැති  Anwar bin Ibrahim මහතා හමු විය. ඒ අද(7) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී  ය. 

චීනය හා මැලේසියාව උසස් මට්ටමේ උපායමාර්ගික හවුල්කාරිත්වය සංවර්ධනය කරමින් ඉහළ පෙළේ අදහස් හුවමාරු පවත්වා ගෙන යා යුතු යැයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරට, රට පාලනය කිරීමේ අත්දැකීම් හුවමාරු පුළුල් කර ගනිමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා වැඩි අවධානයට යොමු වූ කරුණු පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් ස්ථිර ලෙස සහාය විය යුතුය. විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ උසස් ගුණාත්මක සංවර්ධනය පොදුවේ ඉදිරියට ගෙන යමින් ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය, නව බලශක්තිය යනාදී නව සහයෝගීතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ. දිළිඳුකම පිටුදැකීමේ සහයෝගීතා යාන්ත්‍රණයක් ගොඩනැගීම පිළිබඳව දෙපාර්ශ්වයට සාකච්ඡා පැවැත්විය හැකි යැයි ද ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය.

ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල හා නැඟී එන ආර්ථිකයන්ගේ වැදගත් නියෝජිතයින් වශයෙන්, චීනය හා මැලේසියාව ජගත් හා කලාපීය ප්‍රශ්නවලදී අදහස් හුවමාරු, සහයෝගීතා හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කර, වෙළඳ ආරක්ෂණවාදයට විරුද්ධ වීමටත් වෙළඳාමේ හා ආයෝජනයේ නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කිරීමටත් පොදුවේ උත්සාහ දැරිය යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය. එසේම සමානාත්මතාවයෙන් යුතු, විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් හා පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණයකට මුලපුරමින් ජාත්‍යන්තර සාධාරණත්වය, යුක්තිය හා සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට එක්ව ක්‍රියා කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර මැලේසියානු අගමැති  Anwar bin Ibrahim මහතා එහිදී කියාසිටියේ ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ඇතුළු වැදගත් සංකල්ප, වෙනස් ශිෂ්ටාචාර අතර සහජීවනයට වැදගත් මුලපිරීමක් බවයි. ‘බ්‍රික්ස් + සහයෝගීතාව’ පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාවලින් ද, මානව ශිෂ්ටාචාර ප්‍රගතිය පිළිබඳව ඇති දැවැන්ත වගකීම හා ජනතාවගේ ‍යහපත කෙරෙහි ෂී ජින්පිං මහතා සතු ශක්තිමත් හැඟීම පිළිබිඹු වී තිබේ. එය, ගෝලීය දකුණේ රටවල පොදු අපේක්ෂාව ප්‍රකාශ කිරීමකි. දිළිඳුකම තුරන් කිරීමේදී චීනය ලත් විස්මිත ජයග්‍රහණ මැලේසියාවේ ඇගයීමට ලක් වේ. රට පාලනය කිරීම පිළිබඳ අතදැකීම් චීනයෙන් අධ්‍යයනය කිරීම තම පාර්ශ්වයේ බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා පැවසීය. ස්වාධීන උපායමාර්ගය අනුගමනය කරන මැලේසියාව, චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතා තහවුරු කරමින් කලාපීය සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය සහතික කිරීමට කැපවන බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම