Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවේදී සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් වැදගත් උපදෙස්
2024-11-07 16:19:57
Share with:

නොවැම්බර් 4 වැනිදා සිට ඊයේ (6) දිනය දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම චීනයේ Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මධ්‍යම චීනයේ සංවර්ධනයේ කේන්ද්‍රීය උපායමාර්ගික ස්ථානය බවට Hubei පළාත පත් කිරීම සහ චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘Hubei පළාතේ නව පරිච්ඡේදයක්’ නිර්මාණය කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී වැදගත් උපදෙස් ලබා දී ඇත.

Yunmeng කෝරළයේ කෞතුකාගාරයේ නිරීක්ෂණය කිරීමේදී, ෂී ජින් පිං මහතා එහි උරුම සංරක්ෂණ පර්යේෂණවල තත්ත්වය පිළිබඳව විමසා බැලුවේය. චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ ජාතික සංස්කෘතික විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා, පුරාවිද්‍යාත්මක පර්යේෂණ සහ සංස්කෘතික වස්තූන්වල ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

Siyi ගම්මානයේ නිරීක්ෂණයට එක්වෙමින් ෂී ජින් පිං මහතා එහි ගොවිබිම්වලට ‍ගොස් එළවළු වගා කිරීමේ තත්ත්වය පරීක්ෂා කළ අතර, එළවළු ප්‍රභේද, රෝපණ තාක්ෂණ, විකුණුම් තත්ත්වය යනාදිය පිළිබඳව විස්තරාත්මකව විමසා ඇත. නවීන කෘෂිකර්මාන්තයේ සංවර්ධනය විද්‍යා හා තාක්‍ෂණික සංවර්ධනය මත රඳා පවතින අතර, විද්‍යාව හා තාක්‍ෂණය භාවිත කිරීමෙන් රටේ කෘෂිකාර්මික නවීකරණය ප්‍රවර්ධනය වන බව ඔහු සඳහන් කළේය.

Wuhan නගරයේ කාර්මික නවෝත්පාදන සහ සංවර්ධන පර්යේෂණ ආයතනයේදී, විද්‍යාව, තාක්‍ෂණය සහ කුසලතාවන්ට අදාළව Hubei පළාතට කැපීපෙනෙන වාසි ඇති අතර, විද්‍යා, තාක්ෂණ සහ කාර්මික නවෝත්පාදනය ක්‍රියාකාරීව වැඩි දියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ප්‍රධාන කර්මාන්තවලට අවධානය යොමු කරමින්, විවිධ ප්‍රමාණයේ ව්‍යවසායන් අතර නවෝත්පාදන සහයෝගීතා ප්‍රවර්ධනය කර විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණයන්හි ප්‍රායෝගික භාවිතයේ පරිවර්තන මට්ටම වැඩිදියුණු කළ යුතු බව ද ඔහු පැවසීය.  

විද්‍යා, තාක්ෂණික හා කාර්මික නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිසංස්කරණය අංගසම්පූර්ණ ලෙස තහවුරු කිරීම, උසස් මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම, සංස්කෘතික සම්පත් ආරක්ෂා කිරීම සහ සංස්කෘතික නවෝත්පාදන සංවර්ධනය කිරීම යනාදියේදී Hubei පළාත තවදුරටත් වඩා වැඩි උත්සාහයකින් කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම