චීන අග්‍රමාත්‍ය ලී ච්‍යං මහතා අද(7) කුන්මිං නගරයේ පැවති මහා Mekong ගංගාශ්‍රිත උප කලාපයේ ආර්ථික සහයෝගීතාව පිළිබඳ අට වැනි නායක සමුළුවට එක් විය. කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය යන රටවල රාජ්‍ය නායකයෝ හා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඊට සහභාගි වූහ.
එහිදී ලී ච්‍යං අගමැතිවරයා කලාපීය සහයෝගීතාව පිළිබඳ සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
පළමුවැන්ම, වඩාත් උසස් මට්ටමේ හා වඩාත් පුළුල් ලෙස අන්‍යෝන්‍ය විවෘතභාවය පොදුවේ ඉදිරියට ගෙන යමින් විවෘත කලාපීය ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමට ක්‍රියා කිරීමය.
දෙවැන්න, නවෝත්පාදන ප්‍රතිපත්ති අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් නවෝත්පාදනවලට අදාළ වැදගත් සාධකවල කාර්යක්ෂමතා ප්‍රවාහය වැඩි දියුණු කර නවෝත්පාදන ප්‍රතිඵල භාවිත කිරීම වේගවත් කිරීමය.
තෙවැන්න, යටිතල පහසුකම් අතර සම්බන්ධතාවය මෙන්ම ප්‍රතිපත්තිමය, නීතිමය හා ප්‍රමිති යනාදියේ සම්බන්ධතාවය ද පුළුල් කරමින්, දේශසීමා හරහා ගෙවීම හා සිය ජාතික මුදල්වලින් පියවීමේ පහසුකම් ඇති කරමින් කලාපීය ආර්ථික ඒකීයකරණය කඩිනම් කිරීමය.
සිව්වැන්න, අදහස් හුවමාරු කර ගැනීම නිසි පරිදි පවත්වා ගෙන යමින් සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීමය.