සම්භාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ පළමු ලෝක සම්මේලනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි. එම සම්මේලනය අද (7) බෙයිජිං හිදී ආරම්භ විය. චීන විද්‍යා ඇකඩමිය, චීන අධ්‍යාපන අමාත්‍යාංශය, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය, ග්‍රීක සංස්කෘතික අමාත්‍යාංශය සහ ග්‍රීක ඇතන්ස් විද්‍යා ඇකඩමිය ඒකාබද්ධ ව එම සම්මේලනය සංවිධානය කර තිබේ.
මීට වසර 2000කට පමණ පෙර ආසියා මහාද්වීපයෙන් බිහි වූ චීන ශිෂ්ටාචාරය මෙන් ම යුරෝපා මහාද්වීපයෙන් බිහි වූ ග්‍රීක ශිෂ්ටාචාරය ද මානව ශිෂ්ටාචාර වර්ධනය වෙනුවෙන් වැදගත් අඩිතාලමක් දමා තිබූ බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කරයි. චීනය හා ග්‍රීසිය සම්භාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ පළමු ලෝක සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කිරීම සහ ඇතන්ස් නගරයේ චීන සම්භාව්‍ය ශිෂ්ටාචාර පර්යේෂණ ආයතනය ස්ථාපිත කිරීම මගින්, දෙරට හා ලොව විවිධ රටවල් අතර ශිෂ්ටාචාර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය සඳහා නව වේදිකාවක් නිර්මාණය කර ඇතැයි හෙතෙම සඳහන් කර ඇත. විවිධ පාර්ශ්වයන් සමග එක්ව මානව ශිෂ්ටාචාර සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටී. මානව ශිෂ්ටාචාර උරුමය , සංවර්ධනය හා හුවමාරුව වෙනුවෙන් සම්භාව්‍ය ශාස්ත්‍ර පර්යේෂණය වඩාත් හොඳින් සිදු කරන ලෙස චීන ජනාධිපතිවරයා අදාළ උගතුන් හා පර්යේෂකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.