රටේ දේශපාලන ක්‍රමය නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරන බව ජනපති පවසයි
2024-11-07 16:35:18
Share with:
මෙරට දේශපාලන ක්‍රමය නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ අම්පාර ජන රැලියට පසුගියදා (4) සහභාගි වෙමිනි.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව බවට මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙන බවත්, මේ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.