මොල්ඩෝවා ජනරජයේ ජනපතිනිය ලෙස යළි තේරී පත් වූ Maia Sandu මහත්මියට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-11-07 17:00:59
Share with:
මොල්ඩෝවා ජනරජයේ ජනපතිනිය ලෙස යළි තේරී පත් වූ Maia Sandu මහත්මිය වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.
මොල්ඩෝවා ජනරජය හා චීනය අතර සාම්ප්රදායික මිත්රත්වයක් පවතින අතර, මෑත වසරවල දෙරට සබඳතාව ස්ථාවර ලෙස සංවර්ධනය වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා ඊයේ (6) යොමු කළ එම පණිවිඩයේ සඳහන් කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ද මනා ලෙස පවත්වා ගෙන යන බව ද ඔහු පෙන්වා දුන්නේය.
දෙරට සබඳතාව ඉතා වැදගත් කොට සලකන අතර Maia Sandu මහත්මිය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතාව ස්ථාවර හා දිගුකාලීන මාවතකට යොමු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.