හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) ඊයේ(5) චීනයේ ශැංහයි නගරයේ දී ආරම්භ විය. රටවල් හා කලාප 129ක ව්‍යාපාර 3496ක් ඊට එක්ව සිටින අතර, එහි රටවල් ගණන, කලාප ගණන සහ ව්‍යාපාර ගණන පසුගිය වසරට වඩා ඉක්මවා ගොස් තිබේ.
2017වසරේ මැයි මාසයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, 2018 වසරේ සිට චීනය සෑම වසරකම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පවත්වන බවයි. ලෝකයේ ආනයනය තේමා කරගත් ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය මෙයයි.
පළමුවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවයේ දී, ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, මෙම ප්‍රදර්ශනය පැවැත්වීම, චීනය නව වටයේ ඉහළ මට්ටමේ විවෘභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් තීරණයක් වන අතර, එය චීනය සිය වෙළෙඳපොළ ලෝකයට විවෘත කිරීමේ වැදගත් පියවරක් ද බවයි. විවෘතභාවය වර්තමාන චීනයේ සුවිශේෂී සංකේතයක් බව හෙතෙම අවස්ථා කිහිපයකදීම පවසා ඇත. අඛණ්ඩව ප්‍රදර්ශන පහක ආරම්භක දේශනය පැවැත්වීමේදී, "විවෘත කිරීම" යන වචනය ෂී ජින් පිං මහතා සියකට වැඩි වතාවක් සඳහන් කර ඇත.
මේ දක්වා මෙම ප්‍රදර්ශනය හත්වතාවක් ගෝලීය ඉහළ අවධානයට ලක් වීමේ හේතුව, "අත් හැරීම" වෙනුවට "අත් අල්ලා ගැනීම" මෙන්ම, "බිත්ති කඩා දැමීම" වෙනුවට "බිත්ති ඉදිකිරීම" යන චීනයේ ස්ථිර විශ්වාසය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙම විශාල වේදිකාව ඔස්සේ පෙන්නුම් කර තිබීමය. එමෙන් ම, චීනය මෙලෙස අඛණ්ඩ ව විවෘත කිරීමෙන්, දේශීය සංවර්ධනය සහ ලෝක ආර්ථිකය නව දිශානතියකට යොමු කර තිබීම ද විශේෂත්වයක් ලෙස හඳුන්වා දිය හැකියි.
බොහෝ රටවල ජනතාව අදහස් දක්වමින්, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සමස්ත ලෝකය සමෘද්ධිය වෙත ගමන් කිරීමේ ලකුණක් බව පවසති. එය චීනයට පමණක් නොව සමස්ත ලෝකයට ප්රතිලාභ ගෙන දෙන බව ඔවුහු සඳහන් කළහ.