රටේ සමාජ කටයුතු පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් ලබා දෙයි. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම යටතේ ජනතා කේන්ද්‍රීය සමාජවාදී සමාජ පාලන මාර්ගය ඔස්සේ සමාජ කටයුතු පද්ධතිය සහ යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා මෑතකදී පෙන්වා දුන්නේය.
නව ආර්ථික සංවිධාන, නව සමාජ සංවිධාන, නව රැකියා නියුක්ති කණ්ඩායම් සහ නව ක්ෂේත්‍ර තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනයට අවධානය යොමු කරමින්, පක්ෂයේ මුලපිරුම් හැකියාව, සාමූහිකත්ව හැකියාව සහ බලපෑම් ශක්තිය අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු බව ද ඔහු පවසා ඇත. නව යුගයේ සමාජ කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
සෑම මට්ටමකම පක්ෂ කමිටු, සමාජ කටයුතු පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විධිවිධාන ක්‍රියාත්මක කරන බවට සහතික විය යුතු බව ද ඔහු කියාසිටියේය. ඒ සඳහා සියලු ප්‍රදේශ හා අදාළ ආයතන සාමූහිකව ක්‍රියා කළ යුතු අතර, සමාජ කටයුතු පිළිබඳ අංශ සිය වගකීම් හා හැකියාවන් වැඩි දියුණු කර ගත යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇත.
චීන මධ්‍යම සමාජ කටයුතු රැස්වීම ඊයේ (5) සහ අද (6) බෙයිජිං හිදී පැවැත්විණ. එම රැස්වීමේදී ෂී ජින් පිං මහතාගේ මෙම වැදගත් උපදෙස් ප්‍රකාශ කෙරිණ.