මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්
2024-11-06 16:01:46
Share with:

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබිණ. ඒ විශේෂ රැස්වීමක් වෙනුවෙනි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙන බවයි.

මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් ද නිකුත් කර තිබේ.





ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම