චීනය විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන එනු ඇතැයි චීන අගමැති කියයි
2024-11-06 10:06:08
Share with:

චීනය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසයි. ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා හොන්ග්චියාඕ ජාත්‍යන්තර ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය කරමින් චීන අගමැතිවරයා ඊයේ(5) මේ බව සඳහන් කළේය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම විවෘතභාවය පුළුල් කිරීම හා සහයෝගතාව පිළිබඳ  ‍චීනයේ ගැඹුරු ප්‍රතිඥාව ලෝකය වෙත පිළිබිඹු කරන්නක් බවද හෙතෙම පැවසීය. පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය ලෝකය වෙත පිරනැමූ එක් දිශාගත ආරාධනාවකි. පසුව එය චීනය හා ලෝකය අතර අ‍න්‍යෝන්‍ය ප්‍රතිඥාවක් බවට පත්වී විවෘතභාවයේ හා සහයෝගතාවේ අපේක්ෂාවක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. විවෘතභාවයේ සම්මුතීන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ලී ච්‍යන් මහතා සියළු පාර්ශ්ව ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය මත එල්බ සිටිය යුතු බවද සඳහන් කළේය. බහුපාර්ශ්වික හා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ ගිවිසුම් අවංක ලෙස සම්පූර්ණ කළ යුතු බවද චීන අගමැතිවරයා පැවසීය. චීනය ආයතනික විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසි සමග සක්‍රීයව බද්ධ වනු ඇතැයි ද චීන අගමැතිවරයා සඳහන් කළේය. ලෝක ‍වෙළඳ සංවිධානය සමග බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය දැඩිව සුරකිමින්  සංවර්ධනය වෙමින් පවතින රටවලට‍ ගෝලීයකරණයේ වඩාත් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට චීනය සහාය වනු ඇතැයි ද චීන අගමැතිවරයා කීය.

ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල සියළු පාර්ශ්ව සමග අඛණ්ඩව සමීප සම්බන්ධීකරණ හා සහයෝගතා පැවැත්වීමට චීනය සූදානම් අතර සංවර්ධන එකඟතාව සඳහා ආයෝජන පහසුකම් සැලසීම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට සූදානම් බවද චීන අගමැතිවරයා සඳහන් කළේය. මේ අතර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඇමතූ විදෙස් නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධනාවල ප්‍රධානීහු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළහ. චීන ආර්ථිකය පිළිබඳ තම විශ්වාසයද ඔවුහු එහිදී පළ කළහ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැංවීම වෙනුවෙන් උසස් මට්ටමේ සහයෝගතාවන් සඳහා වන සිය අභිලාෂයද ඔවුහු එහිදී ඉදිරිපත් කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම