චීන ජනපති Wuhan නගරයේ සංචාරයක
2024-11-06 19:57:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(5) පස්වරුවේ Hubei පළාතේ Wuhan නගරයේ කර්මාන්ත නවෝත්පාදන සංවර්ධන පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයකට එක් විය. එහිදී ඔහු විද්‍යා තාක්ෂණික නවෝත්පාදන සැපයුම් දාම වේදිකාව පිළිබඳ ආදර්ශ ප්‍රදර්ශනය හා විද්‍යා තාක්ෂණික නවෝත්පාදන ප්‍රතිඵල නරඹමින්, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ පියවර පිළිබඳව විමසා බැලුවේය. අනතුරුව ඔහු විද්‍යා පර්යේෂණකයින් හා අදාළ ව්‍යාපාරවල ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇත.

විද්‍යා තාක්ෂණික ශිල්පීන් හා ව්‍යවසායකයින් ස්වයං විශ්වාසයෙන් යුතුව උසස් ඉලක්ක වෙත ඒකාබද්ධව ගමන් කිරීමට ප්‍රයත්න දැරිය යුතු බව ඔහු පැවසීය. නවෝත්පාදන පද්ධතියේ සමස්ත ඵලදායිතාව ඉහළ නංවාලීමේදීත් නවීන කර්මාන්ත පද්ධතිය සංවර්ධනය කිරීමේදීත් අඛණ්ඩ මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම