වඩා ශක්තිමත් චීන-කෙන්යා සහයෝගීතාවක් වෙනුවෙන් චීනය සූදානම්
2024-11-06 11:45:32
Share with:

දශක ගණනාවක් පුරා ශක්තිමත්ව පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරමින්, වඩාත් සමීප චීන-කෙන්යා ප්‍රජාවක් පෝෂණය කිරීමට කැපවී සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලී ෂී මහතා පවසයි.

සිය තෙදින කෙන්යා සංචාරය අවසන් කරමින් එතුමා මේ බව සදහන් කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ එහි මධ්‍යම විනය පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා ද වන ලී ෂී මහතා, මෙම කෙන්යානු සංචාරයේදී එරට ජනාධිපති සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක William Ruto මහතා ද හමුවිය.

මෙහිදී ලී මහතා අවධාරණය කර සිටියේ, චීන සහ කෙන්යා රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඇති වැදගත් සම්මුතියේ මගපෙන්වීම යටතේ විශ්වාසවන්ත මිතුරන් සහ හවුල්කරුවන් ලෙස රැඳී සිටීමටත්, එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්වීමටත් චීනය කැමැත්තෙන් සිටින බවයි.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බෙයිජිං හි පැවති චීන-අප්‍රිකා සහයෝගිතා සමුළුවේ ප්‍රතිඵල, 2030 වසර සඳහා කෙන්යාවේ දැක්ම සමඟ පෙළගැස්වීමට ද චීනය කැමැත්තෙන් සිටින බව ලී මහතා කෙන්යානු ජනාධිපතිවරයා වෙත පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කෙන්යාවේ ජනාධිපති William Ruto මහතා සඳහන් කළේ, වසර 60 කට පෙර කෙන්යාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු, දෙරට සෑම විටම අවංකව සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම චීන-අප්‍රිකා සහයෝගිතා සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට ද හෙතෙම මෙහිදී ප්‍රතිඥා දුන්නේ ය.

එකම චීනයේ මූලධර්මයට කෙන්යාව කැපවී සිටින අතර අප්‍රිකාවේ සාමය සහ ආරක්ෂාව සඳහා චීනයේ දායකත්වය අගය කරන බවත් Ruto මහතා පැවසීය.

එමෙන්ම අප්‍රිකානු කටයුතු සඳහා චීනයේ ඉහළ මැදිහත්වීම සහ සාමය, ස්ථාවරත්වය වෙනුවෙන් අප්‍රිකානු සංගමයට සහයෝගය දැක්වීම චීනයෙන් අපේක්ෂා කරන අතරම, ගෝලීය දකුණේ සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් චීනය සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට කෙන්යාව අපේක්ෂා කරන බවත් කෙන්යානු ජනාධිපතිවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම