චීන අගමැතිවරයා මියන්මාර නායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හමු වේ
2024-11-06 20:02:13
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා අද(6) පස්වරුවේ මියන්මාර නායක Min Aung Hlaing මහතා හමු විය. ඒ,  Min Aung Hlaing මහතා චීනයේ කුන්මිං නගරයේ පැවැත්වෙන මහා Mekong උප ගංගාශ්‍රිත කලාපයේ ආර්ථික සහයෝගීතාව පිළිබඳ අට වැනි නායක සමුළුවට එක් වන අතරතුර ය.

මියන්මාරය සමග අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය හා උපායමාර්ගික සහයෝගීතා ශක්තිමත් කරමින් අභියෝගයන්ට එක්ව මුහුණ දීමට චීනය අපේක්ෂා කරන බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. මියන්මාරයේ පිහිටා ඇති චීන ආයතන, ව්‍යාපෘති හා එහි සිටින චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.

මියන්මාරය එකම චීනය ප්‍රතිපත්තියෙහි එල්බ සිටින බව මියන්මාර නායකයා පැවසීය. ලබන වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 75වැනි සංවත්සරය නිමිති කර ගෙන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

අනතුරුව ලී ච්‍යං අගමැතිවරයා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Asakawa Masatsugu මහතා හමු වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව සමග ප්‍රාග්ධන හා බුද්ධිමය සහයෝගීතා වැඩිදියුණු කිරීමට කැමැත්තෙන් සිටින චීනය, එම බැංකුවේ විවිධ වැඩසටහන් මගින් සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග දිළිඳුකම තුරන් කිරීම, ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධනය යනාදිය අංශවල චීනයේ අත්දැකීම් බෙදා ගැනීමටත් අපේක්ෂා කරන බව ලී ච්‍යං මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම