චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘Hubei පළාතේ නව පරිච්ඡේදයක්’ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ මෑතකදී Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. Hubei පළාත, චීන කොමියුනිස්ට් පක්ෂ 20වැනි ජාතික කොංග්‍රසයේ හා පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියේ ජීවගුණය නිරූපනය කරමින් ස්ථාවර සංවර්ධන මාවතක ගමන් කළ යුතු බව ඔහු පැවසීය. නව සංවර්ධන රටාවක් ගොඩනැගීමේ මෙහෙවර වඩා හොඳින් ග්‍රහණය කර ගනිමින් පළාතේ සම්පත් පූර්ණ ලෙස භාවිත කර යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් තත්ත්වයේ සංවර්ධනයේ ප්‍රමුඛයා බවට පත්වීමට උත්සාහ කළ යුතු බව ද ඔහු කියාසිටියේය. මධ්‍යම චීනයේ සංවර්ධනයේ කේන්ද්‍රීය උපායමාර්ගික ස්ථානය බවට Hubei පළාත පත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
ප්‍රතිසංස්කරණය අංගසම්පූර්ණ ලෙස තහවුරු කිරීමේ සහ උසස් මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමේදී Hubei පළාත තවදුරටත් එය ගවේෂණය කරමින්, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ඒකාබද්ධ සංවර්ධනය සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි පුනර්ජීවනය සඳහා වඩා වැඩි උත්සාහයක් දැරිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.
පසුගිය 4 වැනිදා සිට අද (6) දිනය දක්වා ෂී ජින් පිං ජනාධිපතිවරයා Hubei පළාතේ Xiaogan, Xianning, Wuhan යන ප්‍රදේශවල සංචාරය කර ඇත. එම ප්‍රදේශවල ඔහු කෞතුකාගාර, ග්‍රාමීය ප්‍රදේශ, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන නිරීක්ෂණය කර ඇත.