ග්‍රාමීය සංවර්ධනය සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සහාය අත්‍යවශ්‍ය බව ජනපති පවසයි
2024-11-06 16:00:24
Share with:
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි .
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(05) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.
රජයේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පවසා ඇත .