සමස්ත ගෝලීය ප්‍රජාවට තිරසර ප්රතිලාභ ළඟා කර දෙමින් හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) මේ වනවිට සාර්ථකව පැවැත්වේ. ඒ සමගම දැවැන්ත වෙළඳපොලක් හිමි චීනය සමග සම්බන්ධ වීමෙන් ලබා ගත හැකි නව අවස්ථා පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත. චීන මාධ්‍ය සමූහයේ CGTN ආයතනය 33,858ක පුද්ගල නියැදියකින් මේ සම්බන්ධව මත විමසුමක් සිදු කර තිබේ.
අදාළ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ පිරිස අතරින් සියයට 67ක් චීනය විවෘත මෙන්ම තරගකාරීත්වයෙන් යුත් නිදහස් වෙළඳපොලක් බව ප්‍රකාශ කර තිබේ. කලාපීය වශයෙන් ගත් කළ අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අග්නිදිග ආසියාවේ ඉහත අදහසම ප්‍රකාශ කළ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 86.6, 88.2, 77.9 සහ 78.6ක් වේ.
චීනයේ ව්‍යාපාරික පරිසරය ආයෝජකයින්ට හිතකර ආකර්ෂණීය වටපිටාවකින් යුක්ත බව මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 77.5ක් විශ්වාස කරයි. එමෙන්ම තවත් සියයට 73.9ක් චීනයේ මූලිකත්වයෙන් ඇරඹි ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතිවලට සම්බන්ධ රටවල් සහ සමාගම් වෙත සහාය දක්වන බව සඳහන් කළහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 78.5ක් විශ්වාස කරනුයේ චීනය සමග වෙළඳ කටයුතු කිරීමෙන් තම රටවල් වැඩි ප්රතිලාභ ලබන බවයි. එමෙන්ම වර්තමානයේ චීනයේ ක්‍රියාත්මක උසස් මට්ට්මේ විවෘත කිරීම් වෙළඳ හවුල්කාර පාර්ශ්වයන්ට විශාල වෙළඳපල අවස්ථා නිර්මාණය කර ඇති බව ඔවුහු තරයේ විශ්වාස කරති. එපමණක් නොව ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ස්ථාවරත්වය සඳහා චීනය තීරණාත්මක සාධකයක් බව ද මෙහිදී සඳහන් කෙරිණ.
2024 චීනය කෙරෙහි ගෝලීය දැක්ම පිළිබඳ මත විමසුම සහ CGTN ආයතනය සිදු කළ චීන-අප්‍රිකා සබඳතා පිළිබඳ මත විමසුම අනුසාරයෙන් මෙම සමීක්ෂණයට දත්ත ලබා ගෙන ඇත. ඒ සඳහා ඇමරිකාව, ප්‍රංශය සහ ජපානය වැනි සංවර්ධිත රටවල් මෙන්ම ඊජිප්තුව, බ්‍රසීලය සහ නයිජීරියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින් ද සහභාගී වීම විශේෂත්වයකි.