විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් විශේෂ කමිටුවක්
2024-11-05 17:20:32
Share with:

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමවේදයක් හෙට(6) සිට හඳුන්වා දෙන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව කියාසිටියාය.

ඒ අනුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,200ක් නිකුත් කරන බවත්, නව මාර්ගගත ක්‍රමවේදය දුර්වලතා මඟහරවා ගනිමින් සකස් කර ඇති බවත් ඇය සඳහන් කර ඇත. මේ සම්බන්ධව යම් ගැටළු ඇතොත් 1962 හෝ 1919 හදිසි ඇමතුම් අංක අමතන ලෙසත් ඇය දැනුම් දුන්නාය. එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කර ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම