12 වන ලෝක නාගරික සංසදය ඊජිප්තුවේ ඇරඹේ
2024-11-05 14:33:01
Share with:

12 වන ලෝක නාගරික සංසදය ඊයේ(4) ඊජිප්තුවේ Cairo නුවර දී ආරම්භ විය. එය දින 5ක් පැවැත්වීමට නියමිතව තිබේ. 2002 වසරේ කෙන්යාවේ මෙම සංසදය පැවැත්වීමෙන් වසර 20කට පසු අප්‍රිකානු මහාද්වීපයේ යළිත් පැවැත්වෙන අවස්ථාව මෙයයි.

"සියල්ල මූලික කොට ගත් පවුල, දේශීය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමෙන්, තිරසර නගර සහ ප්‍රජාවන් ගොඩනැගීම" මෙම සංසදයේ තේමාව වේ. තිරසර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීම පිළිබඳ මෙන්ම, වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය දේශීය ක්‍රියාමාර්ග සහ මුලපිරීම් පිළිබඳව ද, සහභාගිවන්නන් අවධානය යොමු කරති.

ලෝක නාගරික සංසදය යනු එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන මගින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකි. එය සෑම වසර දෙකකට වරක් පැවැත්වේ. නාගරික ආර්ථික හා සමාජ සංවර්ධනය ඇතුළු වත්මන් ලෝකයේ නගර සංවර්ධන‍යේදී මුහුණ දෙන හදිසි ගැටලු පිළිබඳව එහි දී අවධානය යොමු කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම