ලෙබනනයේ තත්ත්වය පිළිබඳ චීනයේ දැඩි අවධානය
2024-11-05 16:36:11
Share with:

ලෙබනනයේ වත්මන් තත්ත්වය කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරන ක්‍රියාවන්ට මෙන්ම අහිංසක සිවිල් වැසියන්ට හානි කරන සියලු ක්‍රියාවන්ට චීනය දැඩිව විරුද්ධ වන අතර එය තරයේ හෙළා දකී. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

කලාපීය ආතතීන් තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා කඩිනමින් තත්ත්වය ලිහිල් කිරීමේ පියවර ගන්නා ලෙස ඇය එහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියාය. එහිදී ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා, චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ද Mao Ning මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම