2024 ඇමරිකාවේ ජනපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ
2024-11-05 18:07:21
Share with:
2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද විමසීම අද(05) ආරම්භ විය. ඇමරිකාවේ New Hampshire ප්‍රාන්තයේ Dixville Notch හි ඡන්ද දායකයින් පළමුව ඡන්දය ප්‍රකාශ කර තිබේ. 60 වැනි ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ආරම්භය ඒ අනුව නිල වශයෙන් සනිටුහන් කෙරිණ.
2024 ඇමරිකානු ජනාධිපතිවරණය මෑත වසර කිහිපය තුළ පැවති උණුසුම් මෙන්ම තරගකාරී ජනාධිපතිවරණය බව ඇමරිකානු මාධ්‍ය පොදුවේ වාර්තා කර ඇත.