ගෝලීය විවෘත සහයෝගීතාවට චීනය ලබා දුන් දායකත්වය කැපීපෙනෙන බව ගෝලීය විවෘතභාවය පිළිබඳ වාර්තාවේ සඳහන් කෙරේ.
2024 වසරේ ගෝලීය විවෘතභාවය පිළිබඳ වාර්තාව එළිදැක්වීමේ ජාත්‍යන්තර සංවාද මණ්ඩපය අද(5) චීනයේ ශැංහයි නගරයේදී පැවැත්විණ.හත්වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමගාමීව පැවති එම සාකච්ඡාවේ දී ගෝලීය විවෘතභාවයේ දර්ශකය ඇතුළු දත්ත මාලාවක් නිකුත් කර ඇත.
අදාළ සමීක්ෂණවලට අනුව, 2023 වසරේ සිට මේ දක්වා ගෝලීය ආර්ථීකය වඩා විවෘත නොවූ, වෙනස් නොවූ සහ අස්ථිර බවක් පෙන්නුම් කළ බව සමීක්ෂණවලට එක් වූ සියයට 59.7ක පිරිසකගේ අදහස වී ඇත. එසේම ගෝලීය සංස්කෘතියේ විවෘතභාවය හා ගෝලීය සමාජයේ විවෘතභාවය පිළිබඳව සමාන මතයන් ඉදිරිපත්ව ඇත.
ඊට අමතරව, ගෝලීය විවෘත සහයෝගිතාවේදී නව නිෂ්පාදන ඵලදායිතාවයේ හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ වැදගත් කාර්යභාරයන් එම වාර්තාව පෙන්වා දී තිබේ. ඉහළ මට්ටමේ විවෘතභාවය මගින් පුළුල් ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධන කිරීම මෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ළඟා කර ගැනීමේ චීනයේ සාර්ථක අත්දැකීම් පිළිබඳව එහිදී පැහැදිලි කර ඇත. එමෙන්ම ගෝලීය ආර්ථික පරිපාලන පද්ධතිය පරිපූර්ණ කිරීම හා විවෘත ගෝලීය ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා එම වාර්තාව උපදෙස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.