ෆීජි ජනරජයේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-11-05 13:50:38
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෆීජි ජනරජයේ නව ජනාධිපති Ratu Naiqama Lalabalavu මහතාට සුබ පැතුම් පිරිනමයි. හෙතෙම අද (05) එම පණිවිඩය යොමු කළේය.

ෆීජි රාජ්‍යය චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ පළමු ශාන්තිකර දූපත් රාජ්‍යය බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ වසර 49 තුළ, දෙරට සබඳතාව ප්‍රශස්ත අයුරින් වර්ධනය වී ඇත. මෙමගින් දෙරට ජනතාව අතර යහපැවැත්ම, කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ද තහවුරු කර තිබේ. චීන-ෆීජි සබඳතාව වඩා වැදගත් කොට සලකන අතර, Lalabalavu ජනාධිපතිවරයා සමග එක්ව, ද්විපාර්ශ්වික පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තිරසර ලෙස සහතික කරමින් දෙරට ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීමටත් සූදානම් බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම