චීන ජනපති ගුවන් හමුදාවේ විශේෂ බලකායක කටයුතු නිරීක්ෂණය කරයි
2024-11-05 19:51:46
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඊයේ (4) චීනයේ ගුවනින් බැස සටන් කිරීමේ හමුදාවේ කටයුතු නිරීක්ෂණය කළේය.

ගුවනින් බැස සටන් කිරීමේ හමුදාව, චීන යුද හමුදාවේ හා සමස්ත යුද ආරක්ෂක පද්ධතියේ සුවිශේෂ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අංශයක් බව ඔහු එහිදී අවධාරණය කළේය. නව යුගයේ අරමුණු වෙනුවෙන් හමුදා අංශ ශක්තිමත් කිරීමේ චින්තනය සහ ආරක්ෂක උපායමාර්ගය දැඩිව අනුගමනය කරමින් ගුවන් හමුදාවේ ව්‍යුහය සකස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම යුද සූදානම වෙනුවෙන් හමුදා භටයන් පුහුණු කිරීම හා සටන් කිරීමේ හැකියාව පූර්ණ වශයෙන් සහතික කරමින් ශක්තිමත් මෙන්ම නවීන හමුදාවක් නිර්මාණය කිරීමට ගුවනින් බැස සටන් කිරීමේ හමුදාව උත්සාහ දැරිය යුතු බවද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම