මහ කන්නයේ පොහොර සහනාධාරය නුදුරේදීම ගොවියන්ට
2024-11-05 17:19:39
Share with:

මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් ගොවියන්ගේ ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට පමණ හිමිවන අතර හෙක්ටයාර 720,000ක වී වගා කටයුතු සිදු කෙරෙනු ඇත. 2024/25 මහ කන්නයේදී නව රජය යටතේ ගොවීන්ට හිමිවන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන් අතර මෙහි මූලික පියවර ලෙස රුපියල් 15,000ක් නිකුත් කිරීම ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම