ඉතාලි හා ඉන්දුනීසියානු ජනපතිවරුන් චීනයේ නිල සංචාරයකට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2024-11-05 17:25:02
Share with:

ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා එළඹෙන 7වනදා සිට 12වනදා දක්වා චීනයේ නිල සංචාරයකට එක්වීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ ‍කළේ අද(5) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. Mattarella ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළදී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉතාලිය සමග එක්ව දෙරට නායකයින්ගේ එකඟතාවන්ට අනුව‍ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර ගනිමින් ප්‍රායෝගික සහයෝගීතා, සංස්කෘතික හුවමාරු හා අන්‍යෝන්‍ය ශිෂ්ටාචාරාත්මක අධ්‍යයනය පුළුල් කිරීමට අපේක්ෂා කරන බව මාඕ නිං මහත්මිය පැවසුවාය.

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා එළඹෙන 8වනදා සිට 10වනදා දක්වා චීනයේ නිල සංචාරයක් සිදු කරනු ඇතැයි ද මාඕ නිං මහත්මිය කියා සිටියා ය. එහිදී දෙරට රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. ඉන්දුනීසියාව සමග එක්ව දෙරට අතර පවත්නා උසස් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය හා අංග සම්පූර්ණ උපායමාර්ගික සහයෝගීතා ශක්තිමත් කර පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියා ප්‍රජාවේ සංවර්ධනය නව මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව මාඕ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම