තෙල් අපනයනය කරන රටවල් සංවිධානය(OPEC) ඊයේ(03) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ OPEC රටවල් සහ OPEC නොවන තෙල් නිෂ්පාදනය කරන රටවල් අටක් දිනකට බැරල් මිලියන 2.2 ක තම නිෂ්පාදන අඩු කිරීමේ පියවර දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. නොවැම්බර් මස අවසානයේ දී ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය අඩු කිරීමට නියමිතව තිබිණ.
සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසක්ස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය යන OPEC+ රටවල් 8ක් ස්ව කැමැත්තෙන් තෙල් නිෂ්පාදන අඩු කිරීමේ පියවර දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, එම ඉලක්කයට සම්පූර්ණයෙන්ම අනුකූල වීමේ අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බවත් නිවේදනයේ සඳහන් විය. මෙම වසර ආරම්භයේ සිට නිෂ්පාදන කෝටාව ඉක්මවා ඇති අදාළ රටවල්, 2025 සැප්තැම්බර් මාසයට පෙර ඔවුන්ගේ නිෂ්පාදන අඩු කිරීමේ වගකීම් සම්පූර්ණ කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.