ලෙබනනයේ වත්මන් මානුෂීය තත්ත්වය 2006 වසරේ ලෙබනනය හා ඊශ්‍රායලය අතර ගැටුම්වලට සාපේක්ෂව බරපතල බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාර ඊට දැඩි ලෙස බලපා ඇත. එම සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පසුගිය 2 වැනි දා නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව පෙන්නුම් කර ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසු, ඊශ්‍රායල් හමුදා මෙහෙයුම්වලින් ලෙබනන ජාතිකයන් 2867ක පිරිසක් මිය ගොස් ඇති අතර, දහතුන් දහස ඉක්මවූ පිරිසක් තුවාල ලබා ඇත. වැඩිහිටියන් නොවන, දරුවන් හා තරුණ පිරිස 180ක් පමණ සහ කාන්තාවන් 600ක් පමණ මිය ගිය පිරිසට ඇතුළත් බව ද වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි සහන අරමුදලේ දත්තවලට අනුව, පසුගිය 4 වැනි දා සිට සෑම දිනයක ම අවම වශයෙන් ලෙබනනයේ එක් දරුවෙකු මිය යන අතර, තුවාල ලැබූ ළමුන්ගේ සංඛ්‍යාව 10කි. අඛණ්ඩ ගැටුම්කාරී තත්ත්වය ළමුන්ගේ මානසිකත්වයට මෙන්ම ශරීරයට ද දැඩි හානිකර බලපෑමක් වී ඇති බවට එම අරමුදල අනතුරු අඟවා තිබේ.