නගරයේ සුසංගතභාවය හා සුන්දරත්වය වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං “Lao Yangshu දේශන කණ්ඩායම”දිරිගන්වයි
2024-11-04 11:41:34
Share with:

නගරයේ සුසංගතභාවය හා සුන්දරත්වය වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං “Lao Yangshu දේශන කණ්ඩායම”දිරිගන්වයි.  චීනයේ ශැංහයි නුවර Yangpu දිස්ත්‍රික්කයේ විවිධ ක්ෂේත්‍රවල විශ්‍රාමිකයන්ගෙන් සමන්විත “Lao Yangshu දේශන කණ්ඩායම” දිගුකාලීන ව බිම් මට්ටමින් දේශන මාලාවක් පවත්වයි. කොමියුනිස්ට් පක්ෂයේ සිද්ධාන්ත හා ප්‍රතිපත්ති සහ මහජන නගර සංවර්ධන සංකල්පය එම දේශනයන්හි ප්‍රධාන තේමාව ය. පසුගිය දා එම කණ්ඩායම සිය කාර්යභාරයන්  සඳහන් කරමින් ෂී ජින් පිං ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

  තම අත්දැකීම් පදනම් කරගත් දේශන පවත්වමින් ශැංහයි නගරවැසියන් දැනුවත් කිරීම අර්ථවත් ක්‍රියාවක් බව සදහන් කරමින් ෂී ජින් පිං මහතා ඊට පිළිතුරු ලිපියක් යවමින් ඔවුන්ව ඇගයීමට ලක් කර තිබේ. නගරය මහජන නගරයක් විය යුතු බවත්, එම මහජන නගරය මහජනතාව විසින් සංවර්ධනය කළ යුතු බවත්, ඒ ඔස්සේ මහජන නගරයේ සංවර්ධනය මහජනතාව සමග බැඳී තිබෙන බවත්, චීන ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කරයි. නගරයේ සුසංගතභාවය හා සුන්දරත්වය වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන ලෙස හෙතෙම මෙලෙස “Lao Yangshu දේශන කණ්ඩායම”දිරිගන්වා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම