සුළු රටවල් සංඛ්‍යාවක් චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා “රාජ්‍යතාන්ත්‍රික සබඳතා” පවත්වාගෙන යාමේ ක්‍රියාව නිවැරදි කළ යුතුය-චීනය
2024-11-04 18:28:07
Share with:

ඉතා සුළු රටවල් සංඛ්‍යාවක් චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා “රාජ්‍යතාන්ත්‍රික සබඳතා” පවත්වාගෙන යාමේ ක්‍රියාව වහාම නිවැරදි කළ යුතු බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවාය.

අදාළ රටවල එම ක්‍රියාවලිය සිය ජාතික හා ජනතා අවශ්‍යතා මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ අංක 2758 යෝජනාව ද උල්ලංඝනය කරන අතර, එය චීනයේ ස්වෛරීභාවයට එරෙහි වීමක් බව ද ඇය කියා සිටියාය. එබැවින් මෙම වරද වහාම නිවැරදි කළ යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය ක‍ළාය.

මිත්‍රත්වයට කිසිදු අනුපිළිවෙලක් නොමැත. එකම චීනය මූලධර්මය මත පදනම්ව අදාළ රටවල් සමග සබඳතාවන්හි නව පරිච්ඡේදයක් ඇරඹීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය සඳහන් කළාය. මේ වනවිට, එකම චීනය මූලධර්මය මත පදනම්ව, ලොව පුරා රටවල් 183ක් චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇත. එකම චීනය මූලධර්මය ස්ථීර ලෙස අනුගමනය කිරීම කිසිදු ලෙසකින් බාධා කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතාවක් බව ද ඇය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම