රටට ශක්තිමත් රජයක් අවශ්‍ය බව ඇමති විජිත හේරත් පවසයි
2024-11-04 14:57:07
Share with:
රටට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් නොව ශක්තිමත් රජයක් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රජයේ වැඩ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා ජාතික ජන බලවේගයේ බියගම ආසනයේ පැවති ව්‍යාපාරික හමුවක දී ය. දූෂිතයන්ගෙන් තොර පිරිසිදු පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.