රට පුනරුදයක් කරා ගෙන යන ගමන අරඹා ඇති බව ජනපති පවසයි
2024-11-04 14:55:57
Share with:

කඩා වැටුණු රට යළි පුනරුදය කරා ගෙන යන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවයි.

රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඒ වෙනුවෙන් නව ඩිජිටල්කරණ සැලැස්මක් මෙන්ම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම