04 වැනිදා අළුයම යළි පෘථිවියට පැමිණෙන චීනයේ ශෙන්චෞ-18 අභ්‍යවකාශ යානය පිළිගැනීමට සූදානම්
2024-11-03 17:32:28
Share with:

චීනයේ ශෙන්චෞ-18 අභ්‍යවකාශ යානය ආපසු පෘථිවියට පැමිණීමට සැරසේ. ‍මේ වන විට ශෙන්චෞ-18 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වී පෘථිවිය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි. එම යානය ගගනගාමීන් රැගෙන හෙට (4) අලුයම 1.00ට පමණ ඩොංෆොං  ගොඩබෑමේ ස්ථානයට පැමිණීමට නියමිත ය.

ශෙන්චෞ-18 අභ්‍යවකාශ යානය ආපසු පැමිණීම පිළිගැනීම සඳහා දැනට ඩොංෆොං ගොඩබෑමේ ස්ථානයේ සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතී. එම අභ්‍යවකාශ යානය වෙනුවෙන් සෙවුම් හා ගලවාගැනීමේ හෙලිකොප්ටර් යානා 5ක් ද සූදානම් කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම