අස්වැසුම වැඩසටහනේදී අසාධාරණයට ලක් වූවන් සෙවීමට කමිටුවක්
2024-11-03 16:23:07
Share with:

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අසාධාරණයට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කෙරේ.

විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි එම කමිටුව පත් කර ඇත.

සමෘද්ධි ප්‍රතිලාභ හිමිවූ එහෙත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සොයාබලා කරුණු ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරයයි.

ඒ අනුව මසක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ කමිටුවට දැනුම් දී ඇති බව අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම