සමාජ සුභසාධන වැඩසහන් ඩිජිටල්කරණයට පියවර
2024-11-03 16:19:54
Share with:
මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව තිබේ.
ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.