සරම්ප හා රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් ප්‍රකාශ කෙරේ
2024-11-03 16:24:26
Share with:

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහන 04 වැනිදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එදිනට පැමිණීමට නොහැකි වන පිරිස් වෙත ඉදිරි සෙනසුරාදා දින 4 කදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එන්නත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ලෝකයේ වැඩියෙන්ම පැතිර යා හැකි වෛරසය මෙය බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම