දෙසැම්බර් මස සිට පාස්පෝට් නිකුත් කිරීම වේගවත් වෙයි
2024-11-02 17:31:36
Share with:

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී නව ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවය.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, නව ගමන් බලපත්‍ර 50,000ක් මේ වනවිට ලැබී ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක් සහ දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ නව ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද ලැබීමට නියමිතය.මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

 

 

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම