රජයේ දේපොළ අවභාවිතය, සැඟවීම පැහැර ගැනීම ගැන තොරතුරු 1997 ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක්
2024-11-02 17:32:56
Share with:

රජයේ දේපොළ අවභාවිත කිරීම, රජයේ දේපොළ සැඟවීම හෝ පැහැර ගැනීම් සම්බන්ධයෙන් වූ තොරතුරු 1997 අංකය ඔස්සේ පොලිසියට දැනුම්දීමට ජනතාවට අවස්ථාව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

විදේශිකයන්ට සිදුවන කරදර හා හිරිහැර සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට අදාළ තොරතුරු මහජනතාවගෙන් මෙන්ම විදේශිකයන්ගෙන් ලබා ගැනීමට ද මෙම 1997 දුරකතන අංකය විවෘත කරනු ලැබීය.

පරිසර වැරදි ගැන තොරතුරු ලබාදීමටත් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුවන නවක වදය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමටත් මෙම අංකය මහජනතාවට මීට පෙර හඳුන්වා දී තිබිණ.

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම